හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක බදාදා පස්වරුවේ ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.
මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වනවා.
ගින්න නිවාදැමීම සඳහා ගිනිනිවන භටයින් 800කට වැඩි පිරිසක් මේ වනවිට පැය 18කට වැඩි කාලයක් සේවයේ යෙදී සිටිනවා.
නිවාස 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 4,600ක් පමණ වාසය කරන බව පැවසෙනවා.
මාධ්‍ය වාර්තා කළේ ගිනි ගැනීමට ලක් වූ මහල් නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු කළ සාමාගමේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.





