හොංකොං මාධ්‍ය අධිපති ජිමී ලායි නිදහස් කරන ලෙස ට්‍රම්ප් ගෙන් ඉල්ලා සිටී

මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතිය යටතේ වැරදිකරු වූ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍ය හිමිකරුවෙක් වන ජිමී ලායි නිදහස් කිරීමට සලකා බලන ලෙස චීන නායක ෂී ජින්පින්ගෙන් ඉල්ලා සිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එක්සත් රාජධානිය ද 78 හැවිරිදි ජිමී ලායි “වහාම නිදහස් කරන ලෙස” ඉල්ලා සිටි අතර, එක්සත් රාජධානියේ විදේශ ලේකම් යෙවෙට් කූපර් තීන්දුව හෙළා දකිමින් එය “දේශපාලනිකව අභිප්‍රේරිත පීඩාවක්” ලෙස හැඳින්වූවා.

බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ලායි 2020 දෙසැම්බර් සිට සිරගතව සිටින අතර ලබන වසරේ මුලදී ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතයි.

ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇති.

Share