හොංකොංහි ජිමී ලායිට වසර 20ක සිරි දඬුවම්

ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු සහ ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ජිමී ලායිට වසර 20ක සිරි දඬුවම් නියම වී තිබෙනවා.
2020 දී හොංකොං සඳහා පනවන ලද ආරක්ෂක නීතිය යටතේ අත්අඩංගුවට ගත් පළමු ප්‍රභූවරයා වූ ලායි දැනටමත් වසර පහක කාලයක් සිරගතව සිටින අතර, විදේශ රටවල් සමග එක්ව හොංකොංවලට එරෙහිව කුමන්ත්‍රණ කිරීම, සහ රාජද්‍රෝහී ප්‍රකාශනයක් සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදී ඔහු වැරදිකරු කරනු ලැබුවා.
හොංකොං සහ චීනයට සම්බාධක පැනවීම සඳහා විදේශීය රටවලට බලපෑම් කිරීමට ඔහුගේ ඇපල් ඩේලි පුවත්පත භාවිතා කර ඇති බව නඩු විභාගයේදී තහවුරු වුනා.

Share