හේවා පේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූෂ් සම්බන්ධයෙන් දින 7ක රැඳවුම් නියෝග

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හේවා පේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූෂ් සම්බන්ධයෙන් දින 7ක රැඳවුම් නියෝග ලබා ගෙන ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
කෙසෙල්වත්තේ දිනූෂ්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දෙකක් ඇතුලු අපරාධ චෝදනා රැසක් ඇති බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ජාත්‍යන්ත රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූෂ් චෙන්නායි හි දී අත්අඩංගුවට ගෙන තිබුණේ ඩුබායි සිට පැමිණි අවස්ථාවේ දී.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක සමග කරනු ලැබූ සෘජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සැකකරු ඊයේ පස්වරුවේ මෙරටට පිටුවහල් කරනු ලැබූ බවයි.
ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් මෙරටට රැගෙන ආ සැකකරු කටුනායක ගුවන් තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත්තා.
අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොළඹ කෙසෙල්වත්ත පොලීසිය වෙත බාර දුන්නා.
සැකකරු 34 වැනි වියේ පසුවන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳ චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය පැවසුවා.
2015 වසරේ දී කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම,
2018 වසරේ දී කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දීම,
2021 වසරේ දී මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
2021 වසරේ දී කොටහේන ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සහ
කෙසෙල්වත්ත, වේල්ලවීදිය සහ බ්ලූමැන්ඩල් යන ප්‍රදේශවල සිදු වූ කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳ අපරාධ චෝදනා යටතේ අධිකරණයේ නඩු පවරා ඇතැයි ‌පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්

Share