නැගෙනහිර ,මධ්‍යම සහ ඌව පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
හෙට පෙරවරු 8.30 දක්වා වලංගුවන පරිදි තද වැසි පිළිබඳ අවවාදත්මක නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී ද බලාපොරොත්තු වන බවයි.
මේ අතර පැවති දිට්වා සුලි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇතැයි අද අනාවරණ වුණා.
නැගෙනහිර ,මධ්‍යම සහ ඌව පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
හෙට පෙරවරු 8.30 දක්වා වලංගුවන පරිදි තද වැසි පිළිබඳ අවවාදත්මක නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී ද බලාපොරොත්තු වන බවයි.
මේ අතර පැවති දිට්වා සුලි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇතැයි අද අනාවරණ වුණා.
දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පවසනවා.
මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී.
එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී කළ යුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙහිදී අනාවරණ වුණේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316කට සහ පාලම් 40කට හානි සිදුව ඇති බවයි.
දැනට ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයකින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යංශ නිලධාරීන් කාරක සභාවට දැන්වුවා.
මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බව කාරක සභාව හමුවේ අනාවරණ වුණා.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියප් බිලියන 5.6ක්.
ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව නිවාස ,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට දැනුම් දුන්නා.
මේ අතර ශ්‍රී ලංකා දුම්රිය සේවය දුම්රිය මෙහෙයුම් ආරක්ෂිතව හා ක්‍රමයෙන් නැවත ආරම්භ කිරීම සඳහා ආපදා ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ඒ අනුව හානි වූ දුම්රිය මාර්ග 595.24km ක ප්‍රමාණයක් එනම් 40% ක පමණ ප්‍රතිසංස්කරණය කර අවසන් බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඒ අනුව 2026 වර්ෂයේ ජනවාරී පළමු වැනිදා වන විට දුම්රිය ධාවන මාර්ග 80%ක් පමණ යථා තත්ත්වයට පත් කර ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි.
ඒ අනුව උතුරු මාර්ගය කන්කසන්තුරේ දක්වා දීර්ඝ කිරීම, පුත්තලම මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම, මඩකලපුව හා ත්‍රිකුණාමලය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීම, බදුල්ල සහ අඹේවෙල අතර කලාපීය සංචාරක දුම්රිය සේවාව හඳුන්වා දීම, ඒ අතර ප්‍රධාන වනවා.
එමෙන්ම 2026 පෙබරවාරි 01 වැනිදා වන විට තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට අපේක්ෂිතයි.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය යකා පාලම අසල මහවැලි ගඟේ සිරවී ඇති ගස් සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීන් ඊයේ ආරම්භ කළා.
දිට්වා සුළිකුණාටුවේ බලපෑම් හේතුවෙන් කල්දැමුණු දිවයින පුරා රජයේ පාසල්වල තුන්වැනි පාසැල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ වුණා.
කෙසේවෙතත් ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් අද ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
තද වැසි පිළිබඳ අවාවාදාත්මක නිවේදනයක් නිකුත් කළ එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ නැගෙනහිර ,මධ්‍යම සහ ඌව පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
මෙම නිවේදනය හෙට පෙරවරු 8.30 දක්වා වලංගු වනවා.
මේ අතර කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු අද පස්වරුවේ විවෘත කෙරුණා.
එමගින් තත්පරයට ඝණ අඩි 500ක් කවුඩුලු ඔය වෙත මුදා හැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම සිදුනොකිරීම සම්බන්ධයෙන් අදහස් පල වුණා.





