හුස්ම වැඩසටහන මගින් රු. ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

ආපදා සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත්, ප්‍රතිලාභ ලැබීමට සහතිකය අවශ්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් පමණක් බැවින් ඊට සිවිල් දේශපාලඥයින් මැදිහත් විය යුතු නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහන යටතේ හලාවත දිස්ත්‍රික් මහා රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ඇතුලු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ආපදාවෙන් විපතට පත් ජනතාව ජීවත්වන ප්‍රදේශවල රෝහල්වල අඩුපාඩු නැති කිරිම සඳහා විපක්ෂ නායකවරයාගේ ප්‍රධනෙත්වයෙන් සිදු කෙරෙන හුස්ම වැඩසටහන මගින් හලාවත දිස්ත්‍රික් මහා රෝහලට රු. ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු වුණා.

Share