නැගෙනහිර චීනයේ ගිනිකෙළි සාප්පුවක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා. හුබෙයි පළාතේ ෂියැන්යැං නගරයේ වෙළඳසැලක මෙම ගින්න ඇති වුණා. චීනය නව අවුරුදු උදාව සමරන අතරතුර ගිනිකෙළි හා සම්බන්ධ දෙවන මාරාන්තික පිපිරීම මෙයයි.





