ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරන ලෙසට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක හමුදාවට නියෝග කර තිබෙනවා.
අගමැති කාර්යාලය පවසන්නේ හිස්බුල්ලා සංවිධානය විසින් සටන් විරාම ගිවිසුම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අතර, මාස දෙකක් අතර පවතින ඇමරිකානු – ඉරාන ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාම සාකච්ඡා සඳහා පකිස්තානය මැදිහත් වීමෙන් දියත් කිරීමට සැරසුණු දෙවන වටයේ සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සති අන්තයේ පකිස්ථානයේ සිට හිස් අතින් ආපසු පැමිණි අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ නියෝජිතයන්ගේ ඉස්ලාමාබාද් සංචාරය අවලංගු කළා. පසුගිය සෙනසුරාදා දිනය පුරාම ඊශ්‍රායල හමුදාව විසින් ටෙලිග්‍රෑම් පණිවුඩ හරහා හිස්බුල්ලා සංවිධානයට චෝදනා එල්ල කරනු ලැබුවේ ඔවුන් සටන් විරාම කොන්දේසි කඩකරමින් ප්‍රහාර එල්ල කරන බවටයි.
හිස්බුල්ලා සංවිධානය ද එම චෝදනාවම ඊශ්‍රායලයට එරෙහිව නැගුවා.
දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින පසුබිමක හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර තිබෙනවා.
දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ගුවනින් පත්‍රිකා හෙලමින් ඊශ්‍රායල හමුදාව ඉදිරි මෙහෙයුම් පිළිබඳ අනතුරු ඇඟවූවා.





