හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අයථා ලෙස පරිහරණය කළ ඉන්දන වෙනුවෙන් රු.මිලියන 10ක මුදලක් නැවත ගෙවා දමයි

සබරගමුව පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අයථා ලෙස පරිහරණය කළ ඉන්දන වෙනුවෙන් රු.මිලියන 10ක මුදලක් නැවත ගෙවා තිබෙනවා.
කෙසේ නමුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේ දී අනාවරණ වුණේ මීට පෙර ලබා දුන් නිර්දේශ අනුව සිද්ධියට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව මෙතෙක් නීතිමය පියවර ගෙන නොමැති බවයි.
ඊට අදාළව කඩිනමින් නීතිමය පියවර ගෙන සතියක් තුළ වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස එහි සභාපති කබීර් හෂීම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

Share