රක්ෂිත බන්ධනාගාරගත ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
ඒ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් බව කියන චෝදනා මතයි.
හිටපු ජනාධිපති ලේකම්වරයා පෙබරවාරි 11 වැනිදා කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියට පැමිනවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ අද දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.





