සපුගස්කන්ද ප්රදේශයේ දී ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු කථානායක අශෝක රංවල මහතා පැදවූ ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී ඊයේ රාත්රියේ අනතුරක් සිදුවුනා.
මේ අනතුරෙන් අනෙක් මෝටර් රථයේ ගමන් කළ බිලිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මන්ත්රීවරයා පැදවූ ජීප් රථය ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක ද ගැටීමෙන් අනතුරුවයි ඉදිරියට පැමිණි මෝටර් රථයේ ගැටී ඇත්තේ.
සපුගස්කන්ද, හෙයියන්තුඩුව දෙණිමුල්ල හංදිය ආසන්නයේදී ඊයේ රාත්රී 7ට පමණ පාර්ලිමේන්තු මන්ත්රී හිටපු කථානායක අශෝක රංවල මහතා විසින් පැදවූ ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරත් සමග ජීප් රථය පාරේ දකුණු පසට ඇඳී ගොස් ඉදිරියට පැමිණෙමින් තිබූ තවත් කුඩා මෝටර් රථයක ද මුහුණට මුහුණලා ගැටී ඇති බවයි පැවසෙන්නේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් 24 හැවිරිදි කාන්තාවක්, ඇගේ මව සහ සිව් මස් බිළිඳා තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී කාන්තාව සහ සිව්මස් බිළිඳා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බිළිඳා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවනු ලැබුවා.
කෙසේ වෙතත් ඊයේ රාත්රියේ සිදුවූ අනතුරෙන් පසු පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රංවල මහතා අද අළුයම 4.30 ට පමන කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්රීවරයා රෝහලට ඇතුළත් වන අවස්ථාවේදී බීමතින් සිටි බවට කරුණු තහවුරු වූ බවයි.
කෙසේ වෙතත් මේ අනතුරෙන් යතුරුපැදිකරුට මෙන්ම මෝටර් රථයේ රියැදුරාට ද තුවාල සිදුවී නැහැ.
අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.





