හිටපු අමාත්‍ය කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාරදෙනු ලැබුවා.
ඒ, රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම හේතුවෙන්.
මේ අතර අධිකරණයෙන් පිටව යන රමිත් මාධ්‍යවේදීන්ට පෑ හස්ත මුද්‍රාව දැඩි ආන්දෝ්ලනයක් ඇති කර තිබෙනවා. 2022 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ කාලය තුළ රුපියල් 29 කෝටියකට අධික වත්කම් උපයාගෙන ඇතත් ඉන් රුපියල් 27 කෝටියකට අධික වටිනාකමින් යුත් මුදල් හා දේපළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීම අපොහොසත් වීමේ චෝදනා මත විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධි චෝදනා භාරදෙනු ලැබුවා.
අනතුරුව විත්තිකාර රමිත් රඹුක්වැල්ල රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතම මුදාහරින ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
එමෙන්ම විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියා.
කෙසේ වෙතත් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේ රමිත් රඹුක්වැල්ල මාධ්‍යවේදීන්ට පෙන්වූ ඇඟිලි සලකුණ දැඩි ආ⁣න්දෝලනයක් ඇති කර තිබෙනවා.

Share