හැඳ සිටි සරමේ රහස් සාක්කුවක සඟවා මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ජාවාරම්කරුවෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

හැඳ සිටි සරමේ රහස් සාක්කුවක සඟවා බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ද සමග රඹුක්කන දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 13ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් පොලිස් භාරයට ගැනුනා.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Share