හැටන් නගරයේ ව්‍යාපාරික ස්ථානයක චෙක්පත් ගනුදෙනුවක් මුල් කරගනිමින් දෙපාර්ශවයක් අතර උණුසුම් තත්ත්වයක්

හැටන් නගරයේ ව්‍යාපාරික ස්ථානයක චෙක්පත් ගනුදෙනුවක් මුල් කරගනිමින් දෙපාර්ශවයක් අතර ඊයේ පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා
මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් බීමත්ව ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට බැණ වැදී තර්ජනය කර ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ මෙම පිරිස අතර ද දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ
කෙසේ වෙතත් හැටන් පොලීසිය මැදිහත්ව ගැටුම සමථයකට පත්කිරීමට කටයුතු කළා.

Share