පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන මහා භාණ්ඩාගාරයේ මුදල වෙනත් රටවල හුවමාරු වී ඇත්නම් ඒවා නැවත ලබා ගැනිමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ ප්‍රකාශ කලේ ඒ අදාළ විමර්ශනය සදහා අවශ්‍ය තාක්ෂණික සහයද ලබා දීමට සූදානම් බවයි.
මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය හරහා සිදුව ඇති ඩොලර් මිලියන 2.5කට අධික මූල්‍ය අක්‍රමිකතාවය හුදු පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් නොව, රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුව සම්පූර්ණ කළ යුතු පියවර 13ම අනුගමනය කරමින් සිදුකළ ගනුදෙනුවක් බවට ඇතැම් සමාජ සහ දේශපාලන ක්‍රියාකාරිකයින් පවසනවා.
ඔවුන් අවධාරණය කරන්නේ මහා භාණ්ඩාගාරය මෙවැනි විදේශීය ණය වාරික ගෙවීමකදී, අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළ නිලධාරීන් දක්වා අනුගමනය කරනු ලබන මූලික පියවර 13ම මෙම ගනුදෙනුවේදී සම්පූර්ණ කර ඇති බවයි.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මෙම මුදල් හුවමාරුව එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට පද්ධතිය තුළට ඇතුළත් වී කළ නොහැක්කක් බවයි.
මෙවැනි මුදල් ගණුදෙනුවක දී අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් හරහා ලිපිකරු මට්ටම දක්වා නිලධාරීන් පියවර 13ක් සම්පූර්ණ කෙරෙනවා.
කෙසේ වෙතත් මෙම මූල්‍ය අක්‍රමිකතාවය හේතුවෙන් දැනට වැඩ තහනමට ලක්ව ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරියක් සහ ගණකාධිකාරීවරියක් ඇතුළු පහළ මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙක්
කෙසේ වෙතත් ඊයේ දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවල දී ප්‍රකාශ කලේ මේ අක්‍රමිකතාව මාස තුනකට පෙර සිදුවූවක් බවයි.
මේ අතර හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ මෙම ආක්‍රමිකතාව සඳහා ඇතැම් විට රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමක් ද සිදුවන්නට ඉඩ ඇති බවයි.
මේ අතර පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන මහා භාණ්ඩාගාරයේ මුදල වෙනත් රටවල හුවමාරු වී ඇත්නම් ඒවා නැවත ලබා ගැනිමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එසේම අදාළ විමර්ශනය සදහා අවශ්‍ය තාක්ෂණික සහයද ලබා දෙන බවයි එහි තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ ප්‍රකාශ කළා





