ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පැවැති 39 වැනි සුරාජ්කුන්ඩ් ලෝක හස්ත කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයේදී රටවල් 53 ක් අතරින් ” හොඳම විදේශීය සම්මානය ” දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ බතික් ශිල්පිනී ඉරේෂා චින්තනී ද සිල්වා මහත්මිය සමත්ව තිබෙනවා
ඉරේෂා චින්තනී ද සිල්වා මහත්මිය ඇතුළු පිරිස ඊයේ දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ජාතික ශිල්ප සභාව සහ කර්මාන්ත අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියා.





