දිස්ත්‍රික්ක 05කට දෙවන අදියරේ සහ දිස්ත්‍රික්ක 02 කට තෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදන තවදුරටත් දිර්ග කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මේ අතර ගල් පෙරළීයෑම සහ නාය යෑමේ අවදානම හේතුවෙන් හල්දුම්මුල්ල පින්නලන්ද පවුල් හයකට අයත් සාමාජිකයින් එකොළොස් දෙනෙකු සහ පස්සර කහවත්ත තේ වත්තේ පවුල් විස්සකට එම නිවාස වලින් ඉවත් වන ලෙසට උපදෙස් දී තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසනවා.
ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව සහ අංගමුව යන ජලාශ සහ පොළොන්නරුව මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු පහෙන් එකක් ද ඊයේ රාත්‍රීයේ සිට විවෘත කර තිබෙනවා.
තවද මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගල්ල, වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ යන ජලාශ ද තවදුරටත් වාන් දමමින් පවතිනවා.
ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ මහවැලි ගඟ, මනම්පිටිය ප්‍රදේශයෙන් තවමත් සුලු ගංවතුර මටිටමක පවතින බවයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කලේ දිස්ත්‍රික්ක 05කට දෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදනය සහ දිස්ත්‍රික්ක 02 කට තෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදන තවදුරටත් දිර්ඝ කර ඇති බවයි. මේ අතර උඩදුම්බර කලුගල මාර්ගයේ හතේකනුව කලුගල්ඔය හරහා ඉදිකර තිබු පාලම පසුගිය 27 වෙනිදා ජල පහරට හසුව කැඩිගොස් තිබු අතර ඒ හේතුවෙන් ජනතාව මේ වනවිටත් ඔය හරහා වැටි ඇති ගසක් ආධාරයෙන් එගොඩ මෙගෛාඩ යාමේ ඉතා අවදානම් ගමනක නිරතව සිටිනවා.
මේ අතර පසුගිය දින වල දී උඩදුම්බර තලගුනේ සිදුවු නාය යෑමෙන් ගම්මානයේ නිවාස කිහිපයකට, කුඔුරු යායකට සහ මාර්ග කිහිපයකටම හානි සිදුවුනා.
පලාත් මාර්ග සංවර්ධන අධිකාරිය බැකො යන්ත්‍රයක් යොදා පස් හා මඩ ඉවත්කර නැවත සැහැල්ලු වාහනවලට පමනක් ගමන් කිරිමට හැකි අයුරින් සකසා කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
මේ අතර තදවැසි සමග පස්සර කහවත්ත තේ වත්තේ කොටසක නාය අවදානමක් මතු වී ඇති බව පස්සර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මිය පවසනවා.
එම තේ වත්තේ පාමුල පිහිටි කහවත්ත ගම්මානයේ අවදානම් සහිත පවුල් විස්සකට සිය නිවාස වලින් ඉවත් වන ලෙසට උපදෙස් දී ඇති අතර වත්තේ නිවස 2 කට ඊයේ දින පස් හා ගල් කඩා වැටි හානි සිදුව තිබෙන අයුරුද දක්නට ලැබුනා.
ගල් පෙරළීයෑම හේතුවෙන් හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් හයකට අයත් සාමාජිකයින් එකොළොස් දෙනෙකු අද උදෑසන එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගැනුනා.
පොලීසිය සඳහන් කළේ එම පිරිස මේ වනවිට ඥාතීන්ගේ නිවාසවල රැදී සිටින අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිළධාරීන් පැමිණ එම ස්ථාන නිරීක්ෂණය කරන තුරු සිය නිවාස වෙත නොයන ලෙස උපදෙස් ලබා දුන් බවයි.
ගංවතුරට හසු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක් මේ මස 29 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් ප්‍රකාශ කරනවා.
ඒ අනුව කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨ මේ මස 29 වැනිදා විවෘත කිරිමටයි සැලැසුම් කර තිබෙන්නේ.
මහාචාර්යවරයා සදහන් කලේ සිසුන් සඳහා සිසු නේවාසිකාගාරද ලබාදීමට කටයුතු කරන අතර ගංවතුරට හසු වූ සිසු නේවාසිකාගාරද දැන් පිළිසකර කරමින් පවතින බවයි.





