හඳුනා නොගත් රෝගයක් ශිඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කන්තලේ ප්‍රදේශ කිහිපයක වී වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා.
ගංවතුර හේතුවෙන් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති පසුබිමක රෝග ව්‍යාප්තියත් සමග ගොවීන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
කන්තලේ ප්‍රදේශ ගණනාවක ජනතාවගේ ප්‍රධාන ජිවනෝපාය වී ගොවිතැනයි.
එහෙත් මේ වන විට ගොවිබිම් පුරා පැතිර යන හදුනානොගත් රෝගයක් හේතුවෙන් කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී යමින් පවතින බව ගොවීන් පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ හදිසියේම ගොයම කහ පැහැයට හැරී මිය යමින් පවතින බවයි. මෙම ගැටලුව පිළිබඳව අවස්ථා කිහිපයකදීම කෘෂි බලධාරීන් දැනුවත් කළද ඵලක් නොවූ බව ගොවීන් මැසිවිලි නඟනවා.





