දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු හග්ගල ජාතික උද්භිද උද්‍යානය අද සිට යළිත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදුන් තාක්ෂණික නිර්දේශ සහ උපදෙස්වලට අනුකූලව සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් උද්‍යානය විවෘත කිරීමට පියවර ගත් බව උද්‍යානය භාර නිලධාරීවරයා සඳහන් කළා





