යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු රැසක් පවතින බැවින් ඒ පිළිබඳ පැහැදීමක් නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා.
නව ප්‍රතිසංස්කරණ යටතේ කලා විෂය ධාරාවට එල්ල වී ඇති ගැටලු සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මේ බව සඳහන් කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කලා විෂය ධාරාව අනිවාර්ය විෂයන් අතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තමන් තුළ පැහැදීමක් නොමැති බවයි.





