සොරාගෙන යමින් තිබූ ලොරි රථයක් ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක ගැටී සිදු වූ අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්
කඳාන මරියා මාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ගරාජය තුළ තිබූ කිරි අලෙවි කරන ලොරි රථයක් කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා
ඒ පසුපස ලොරි රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ ඇති අතර සැකකරු බටගම දෙසට ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබුණා.
එහිදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් අනතුරට ලක් කර නොනවත්වා ධාවනය කළ ලොරි රථය තවත් යතුරුපැදියක ද ගැටීමෙන් පසු තාප්පයක ද ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.
පළමු අනතුරින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු හා දෙවන අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
දෙවන අනතුරේ යතුරු පැදිකරු ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ ගම්පහ මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු ජා ඇල දකුණු නිවන්දම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බව කඳාන පොලිසිය පැවසුවා.
ප්‍රදේශවාසින් එක්ව සැකකරු අල්ලා පොලිසියට භාර දුන්නා.
සැකකරු ද මේ වන විට උතුරු කෙළඹ ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා





