කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන, සූලෝහිත සංග්‍රාමය, මහා ක්‍රිකට් තරගය ලබන සිකුරාදා ආරම්භ වනවා.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ නෙළුම් පොකුණේදී පැවැත්වුණා.
මෙවර එම තරඟය පැවැත්වෙන්නේ 96 වැනි වරටයි.
තරගය පැවැත්වෙන්නේ කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගණයේ දී.
ආචාර්ය එන්. එම් පෙරේරා කුසලානය සඳහා පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය පෙබරවාරි 27, 28 හා මාර්තු පළමුවැනිදා යන තෙදින පැවැත්වෙනවා.
ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් අතර දිවා රාත්‍රී තරගයක් ලෙස එක් දින තරගය පැවැත්වීම විශේෂත්වයක්.
මාර්තු 7 වැනිදා එම තරගය පැවැත්වෙන්නේ ද එස් එස් සී ක්‍රීඩාංගනයේ දී.
කිත්ම විදානපතිරණ ආනන්ද කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ඔසඳ පමුදිත හෙට්ටිආරච්චි නාලන්දා කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.
කණ්ඩායම් දෙක සඳහා නිල ඇඳුම් ප්‍රදානය හා තරගාවලියේ අනුග්‍රාහකත්ව ප්‍රදානය මාධ්‍ය හමුවේ දී සිදුකෙරුණා.





