අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් මේ වන විට පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත් අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබුනේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජයේ දැඩි කතා බහක් නිර්මානය වී ඇති අතර විවිධ පාර්ශව මේ පිළිබඳව අදහස් පළ කළා.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුනේ ඊයේ පෙරවරුවේයි.
ඒ පුද්ගලයින් 250කට අධික පිරිසකට මරු කැඳවමින් තවත් 700කට අධික පිරිසක් තුවාල ලැබූ පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ෂණ වලට අදාලවයි.
මෙම ප්‍රහාරය අලලා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේ දීත් දැඩි අවදානය ලක්වුණේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විකාශය කළ වාර්තා වැඩසටහනක් හේතුවෙන්.
මෙරට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමග 2018 වසරේ දී හමුවක් පවත්වා ඇති බවට පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ අසාද් මවුලානා මෙම වාර්තා වැඩසටහනේ දී අදහස් පළ කළා.
කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එම වැඩසටහනේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කළා.
ඒ අනුවයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා ඊයේ අලුයම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවේ.
එලෙස අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ මේ වන විට පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනවා.
කෙසේ වෙතත් මෙම අත් අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ පාර්ශව අදහස් පළ කළා.





