අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් පල කළේ දරුවන් ගේ මුල් ළමාවිය සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මෙම ජාතික වැඩසටහන නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් මෙම ඉසව්ව සම්බන්ධයෙන් ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ‘සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්’ ක්ලීන් ශ්‍රී ලංකා – STEP UP මුල් ළමාවිය සංවර්ධන ජාතික වැඩසටහන අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළි දැක් වූ බවයි.
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙවත් පෙර පාසල් සඳහා ඉදිරියේදී විධිමත් ප්රමිතීන් හදුන්වා දීම, මුල් ළමාවිය ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම සඳහා ජාතික මට්ටමේ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වන බවද අදාළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් එකම වැඩසටහනක් සම්බන්ධයෙන් රජයේ වගකිව යුතුම මාධ්‍ය අංශ දෙකක මෙලෙස අරමුණු දෙකක් සහිත මාධ්‍ය නිවේදන නිකුත් කිරීමේදී ප්රවෘත්ති කාමර ලෙස අප අපහසුතාවට පත්වන්නේ මෙම නිවේදන අතුරින් කුමක් තෝරා ගත යුතුද යන ගැටලු ව පළමුව විසඳා ගත යුතු වීම නිසාවෙන්.





