සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය වාර්තා කරනවා.
ආපදා හේතුවෙන් තවත් 274 දෙනෙකු අතුරුදන්ව ඇති බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ ව්‍යසනයෙන් තවත් පුද්ගලයින් 75,219 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර පුද්ගලයින් එක් ලක්ෂ හය දහස් අටසිය හය දෙනෙකු බටහිර සුමාත්‍රාව පුරා පීඩාවට පත්ව ඇති බව සඳහන්.
ඉන්දුනීසියාවේ ගංඟා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බවද වාර්තා වනවා.

Share