සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ඉකුත් 8 වනදා පැවැති අතර එම තරගයේදී වනිඳු හසරංග මෙලෙස ආබාධයකට ලක් වුණා.
එම තරගයේදී ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Share