සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 132 වැනි අදියර අද පේදුරුතුඩුවේදී

මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරණ දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 132 වැනි අදියර අද පැවැත්වෙනවා.
ඒ පේදුරුතුඩුව වඩමරාච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.

මෙරට වයස අවුරුදු 55ට වැඩි, අඩු ආදයම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුවතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ 132වැනි අදියර මේ වන විට ක්‍රියාත්මකයි.
පේදුරුතුඩුව වඩමරාච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් අද දහවල් 2.00 දක්වා මෙම සමාජ සත්කාරය පැවැත්වෙනවා.
මෙම සේවාවේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද උදෑසන සිටම පේදුරුතුඩුව වඩමරාච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට එක් රැස්ව සිටියේ මෙලෙසින්.

මෙම සමාජ සත්කාරක වැඩසටහන මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පුද්ගලික ආයතනයක් විසින් එතෙක් මෙතෙක් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම සමාජ සත්කාරක මෙහෙවරයි.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති ආර්.එම් මනිවන්නන් මහතාගේ සංකල්පයකට අනුව දියත් කරන මෙම ආයතනික සමාජ සත්කාර වැඩසටහන දිවයිනේ ග්‍රාම සේවා කොට්ඨාස 14023 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා පැවැත්වෙන මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය දායකත්වය හා සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කෙරෙන්නේ, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගම් වන ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝ නාලිකා විසින්.
හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙහි සියලුම සේවා සම්පාදන කටයුතු සිදු කරන අතර අත්දැකීම් සහිත වෛද්‍ය මණ්ඩලයක් හා සහායක කාර්ය මණ්ඩලයක් හරහා එම සේවාවන් ක්‍රියත්මක වනවා.
මෙම සමාජ සත්කාරය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් ද එක් ව සිටින්නේ. යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේයි.
ඒ අනුව පේදුරුතුඩුව 521 බලසේනා මූලස්ථානයේ සාමාජිකයින් මෙම සමාජ සත්කාරක කඳවුර තුළ සහාය වෙමින් ඔවුන්ට අවශ්‍ය උපකාර සිදු කරනු ලබනවා.

මෙම සමාජ සද්කාර්‍යය යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා රෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්ම කිරීම, දෘශ්‍ය ඌනතා සහිත අයට උපැස්‍ යුවල ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් රැසක් ක්‍රියාත්මකයි.

Share