සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 131 වැනි අදියර හෙට දිඹුලාගලදී

මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරන දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 131 වැනි අදියර හෙට පැවැත්වීමට නියමිතයි.
ඒ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.

සෑම සති අන්තයකම මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා 131 වැනි අදියර හෙට දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු මේවන විටත් සූදානම්.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම් ජාලයේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතාගේ උදාරතර සංකල්පයකට අනුව දියත් කෙරෙන මෙම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ටීවී සුප්‍රීම් නාලිකාව සහ සුප්‍රීම් රේඩියෝවයි.

“අපිව බලන ඔබේ වටින දෑස් අපිට වටිනවා දෑස තරමටම” යන්න තේමා කර ගනිමින් මෙරට සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත මෙම සමාජ සත්කාරක වැඩසටහන හරහා මෙරට වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍යමත් යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා.
නොමිලේ දියත් කෙරෙන මෙම සමාජ සද්කාර්‍යය යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා ප්‍රජාව වෙනුවෙන් සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පමණක් නොව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශන සේවාවන් ද ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවත් මෙම සමාජ සත්කාරක වැඩසටහනට දිරි බලය සපයන්නට ටීවී සුප්‍රීම් හා අත්වැල් බැඳ ගන්නේ යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මගපෙන්වීම යටතේයි.
මෙම සමාජ සත්කාරක වැඩසටහනේ වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක සහකරු ලෙස ක්‍රියා කරන්නේ හෙල්ප් එජ් ශ්‍රී ලංකා ආයතනයයි.
හෙට උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

Share