සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රිම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහන මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වන දැවැන්තම සමාජ සත්කාරක ව්‍යාපෘතියයි.
එහි 123වැනි අදියර අම්පාර – සඳමඩුල්ල ශ්‍රී බිම්බාරාම විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්, හෙට පෙරවරු 8.30 සිට සවස 2.00 දක්වා නියමිතයි.
ජනසුව යාත්‍රා පරිශ්‍රයේ දීම අපේ රටේ තරුණ ප්‍රජාවගේ රැකියා හීන සෑබෑ කරන සුප්‍රීම් දිරි ශක්ති කලාපයක් එකතු කිරීමටත් සුප්‍රීම් ග්ලෝබල් සමාගම කටයුතු කර තිබෙනවා.
“සුප්‍රීම් කෙයාර් – ජන සුව යාත්‍රා” සමාජ සත්කාරක වැඩසටහන මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කරමින් පුද්ගලික ආයතනයක් විසින් එතෙක් මෙතෙක් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම සමාජ සත්කාරක මෙහෙවරයි.
සුප්‍රීම් කෙයාර් – ජන සුව යාත්‍රා” ආයතනික සමාජ සත්කාරක වැඩසටහන දිවයිනේ සෑම ග්‍රාම සේවා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
එහි 123 වැනි අදියර හෙට දියත් වන්නේ අම්පාර – සඳමඩුල්ල ශ්‍රී බිම්බාරාම විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්.
ඒ සඳහා වන මූලික කටයුතු සියල්ල මේ වනවිට සූදානම් වෙමින් පවතිනවා.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අක්ෂි හා ශාරිරික සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් දියත් කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ නොමිළේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා රෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ක්‍රියාත්ම කිරීම, දෘශ්‍ය ඌනතා සහිත අයට නොමිලේ උපැස් යුවල ලබාදීම , ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා.
මෙම සමස්ත ව්‍යාපෘති වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක සහකරු ලෙස ක්‍රියා කරන්නේ හෙල්ප් එජ් ශ්‍රී ලංකා ආයතනයයි.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය දායකත්වය හා සම්බන්ධීකරණ සැලසුම් කටයුතු, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝ විසින් සිදු කරනු ලබනවා.
ඊට සමගාමීව ම තවත් සමාජ මෙහෙවරක් ලෙස අපේ රටේ තරුණ තරුණියන්ට ජීවිත ජයගන්න අලුත් බලාපොරොත්තුවක් සමගින් සුප්‍රීම් දිරි ශක්ති කලාපය ද හෙට උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා අම්පාර – සඳමඩුල්ල ශ්‍රී බිම්බාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්කයි.
එහිදී දෙස් විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ හා අයදුම් කිරීමේ අවස්ථාව හිමි වනවා.
මෙරට වසර 20කට කීර්තිමත් ඉතිහාසයක් සහිත ටස්මා ඉන්ටනැෂනල් මෑන්පවර් පුද්ගලික සමාගම විසින් සුප්‍රීම් සමගින් එක්ව මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලබනවා.





