සුප්‍රිම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහන 123වැනි අදියර හෙට දෙහිඅත්තකන්ඩියේදි

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රිම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහන මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වන දැවැන්තම සමාජ සත්කාරක ව්‍යාපෘතියයි.
එහි 123 වැනි අදියර අද පෙරවරුවේ දෙහිඅත්තකන්ඩිය – සඳමඩුල්ල ශ්‍රී බිම්බාරාම විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් අති සාර්ථකව ආරම්භ වුණා.
ඊට සමගාමීව සුප්‍රීම් දිරි ශක්ති වැඩසටහන ද එම පරිශ්‍රයේම ක්‍රියාත්මකයි. සුප්‍රීම් කෙයාර් – ජන සුව යාත්‍රා” සමාජ සත්කාරක වැඩසටහනේ 123 වැනි අදියර අද ක්‍රියාත්මක වන්නේ දෙහිඅත්තකන්ඩිය – සඳමඩුල්ල ශ්‍රී බිම්බාරාම විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්.
දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක වයස අවුරුදු 55ට වැඩි, අඩු ආදයම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන මෙම සත්කාරය අද දහවල් 2.00 දක්වා පැවැත්වෙනවා.
මෙම සමාජ සත්කාර වැඩසටහන මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කරගනිමින් පුද්ගලික ආයතනයක් විසින් එතෙක් මෙතෙක් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම සමාජ සත්කාරක මෙහෙවරයි.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති ආර්.එම් මනිවන්නන් මහතාගේ සංකල්පයකට අනුව දියත් කරන මෙම ආයතනික සමාජ සත්කාර වැඩසටහන දිවයිනේ ග්‍රාම සේවා කොට්ඨාස 14023 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා පැවැත්වෙන මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය දායකත්වය හා සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කෙරෙන්නේ, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගම් වන ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝ නාලිකා විසින්.
හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙහි සියලුම සේවා සම්පාදන කටයුතු සිදු කරන අතර අත්දැකීම් සහිත වෛද්‍ය මණ්ඩලයක් හා සහායක කාර්ය මණ්ඩලයක් හරහා එම සේවාවන් ක්‍රියත්මක වනවා.
මෙම සේවාවේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද උදෑසන සිටම දෙහිඅත්තකන්ඩිය- සඳමඩුල්ල ශ්‍රී බිම්බාරාම විහාරස්ථාන පරිශ්‍රයට එක් රැස්ව සිටිනු දක්නට ලැබුණා. ඔවුන් පැමිණි පිළිවෙලට ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව අදාල රෝග විනිශ්චයන් සහ සේවාවන් ලබා ගැනීම සඳහා වන ස්ථාන වෙත යොමු කිරීම සිදු කෙරුණා
මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අක්ෂි හා ශාරිරික සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් දියත් කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ නොමිළේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා රෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ක්‍රියාත්ම කිරීම, දෘශ්‍ය ඌනතා සහිත අයට නොමිලේ උපැස්‍ යුවල ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා.
මෙම මාහැඟි සමාජ සත්කාරක ව්‍යාපෘතියට සමගාමීව අපේ රටේ තරුණ තරුණියන්ගේ ජීවිත ජයගන්නා අලුත් බලාපොරොත්තුවක් ද ඔබ වෙත ගෙන එන්නට සුප්‍රීම් දිරි ශක්ති කලාපය සූදානම් කර තිබෙනවා.
මෙහි දී දෙස් විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ හා අයදුම් කිරීමේ අවස්ථාව දෙහිඅත්තකණ්ඩිය සඳමඩුල්ල ශ්‍රී බිම්බාරාම විහාරස්ථාන අවට තරුණ ප්‍රජාවට හිමිවනවා.
එය ක්‍රියාත්මක වන්නේ වසර 20කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත ටස්මා ඉන්ටනැෂනල් මෑන්පවර් පුද්ගලික සමාගම සමගින්.
සුප්‍රීම් කෙයාර් ජනසුව යාත්‍රා වැඩසටහන හරහා සේවාවන් ලබා ගැනීමට පැමිණි පිරිස් මෙම මා හැඟී සමාජ සත්කාරය සම්බන්ධයෙන් tv supreme news වෙත අදහස් දැක්වුවා.

Share