සීදුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී කිසියම් අපරාධයක් සඳහා සූදානමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් ඊයේ රාත්‍රීයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අතර එම ආයතනයේ කළමණාකරුද සිට ඇති අතර පෙට්‍රල් බෝම්බ 6 ක්ද සොයාගෙන තිබුණා.
සීදුව පොලිස් වසමේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක පිරිසක් යම් අපරාධයක් සඳහා සූදානමින් සිටින බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව එම සමාජ ශාලාවේ සිදුකළ හදිසි සෝදිසියක දී සැකපිට පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
එහිදී මෙම සැකකරුවන් සතුව තිබී පෙට්‍රල් බෝම්බ හයක්ද සොයා ගැනුනා.
ඔවුන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි බවටයි සැක කෙරෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සමාජ ශාලාවේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ගලයෙකු ද වන බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් කටුනායක, කුරණ, බාඳුරාගොඩ සහ වස්කඩුව යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින්.
මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරු මීගමුව අධිකරණයේ විභාග වන නඩු දෙකක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකු බවටයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





