සිරි සමන්තභද්‍ර හිමිගේ 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සංඝගත දක්ෂිනාවක්

පසුගියදා පැවති මහා සඟ සමුළුව සංවිධාන කිරීමේ වගකීම තමන් වෙත භාර දුන්නා නම්, එය ඉතා සාර්තකව සිදු කරන බව බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ අධිපති සිරි සමන්ත භද්‍ර හිමියන් පවසනවා
සිය 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවති පින්කමේදී උන් වහන්සේ මේ බව සදහන් කළා. බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ අධිපති සිරි සමන්තභද්‍ර හිමිගේ 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ අද පෙරවරුවේ සංඝගත දක්ෂිනාවක් පැවැත් වුණා.

එම අවස්ථාවට හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මෙන්ම දෙස් විදෙස් ආරාධිතයින් රැසක් ද එක්ව සිටියා.
ජන්ම දින පින්කමට සමගාමීව 500 දෙනෙක් සඳහා ඇස් කණ්නාඩි ලබාදීම සහ පැමිණි සියලු දෙනාට දිවා ආහාරය ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා.

Share