සිරියාවෙන් ඉතිරිව සිටින එක්සත් ජනපද හමුදා කණ්ඩායම් ඉදිරි මාස කිහිපය තුළ ඉවත් කරගැනීමට නියමිතයි

සිරියාවෙන් ඉතිරිව සිටින එක්සත් ජනපද හමුදා කණ්ඩායම් ඉදිරි මාස කිහිපය තුළ ඉවත් කරගැනීමට කටයුතු කරන බව ධවල මන්දිරය සඳහන් කර තිබෙනවා.
සිරියානු රජය තම දේශසීමා තුළ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට පෙරමුණ ගැනීමට එකඟ වී ඇති බවත්, ඒ් අනුව එක්සත් ජනපද හමුදා තවදුරටත් එහි රැඳී සිටීම අවශ්‍ය නොවන බවත් ධවල මන්දිර ප්‍රකාශතයෙක් සඳහන් කර තිබුණා
සිරියාවේ IS බලපෑම්වලට එරෙහි ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස ඇමරිකානු හමුදා 2015 සිට සිරියාවේ සිටින අතර, ඉරානය සමඟ ආතතීන් උත්සන්න වන අතරතුර එක්සත් ජනපද ජනාධිපතිවරයා සිරියාවේ හමුදා ඉවත් කරගන්නේ මැද පෙරදිගට යොදවන හමුදා භටපිරිස වැඩි කිරීමේ තීරණයත් සමගයි

Share