සිංහ – කැන්ගරු සටන අද මහනුවර දී

T20 ලෝක කුසලානයේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද රාත්‍රී 7ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලාන තරග 5කදී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 4ක් ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගනු ලබන්නේ නම් ඔවුන් බී කාණ්ඩය යටතේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
මේ වනවිට ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.
තවදුරටත් තරගාවලියේ රැඳිසිටීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වී තිබෙනවා.

Share