සැකකරුවන් අටදෙනෙකු කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ දී අත්අඩංගුවට

කිරින්ද වෙරළ තීරයෙන් පසුගිය දා සොයාගත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව මේවන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 14ක්.
පසුගිය 12 වනදා ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සහ ඊට විවිධ අයුරින් සම්බන්ධ වූ සැකකරුවන් අටදෙනෙකු කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ගොඩබිමට රුගෙන ආ ධිවර යාත්‍රාව සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
එම විමර්ශන වලදී හෙළිව ඇත්තේ අදාළ ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව ඇති බවයි.
එම යාත්‍රාව ධිවර කටයුතු නිමාකර අද අලුයම තංගල්ල ධිවර වරායට පැමිනේ බවට ලද තොරතුරුකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මාතර කාර්යාලයේ නිලධාරීන් එම ධිවර වරායට පැමිණ යාත්‍රාව සිය භාරයට ගත්තා.
ගන්දර කසුන් පුතා නම් එම ධීවර යාත්‍රාවේ සිටි ස්කීපර්වරයා ඇතුලුව 6දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධිවර යාත්‍රාව ගන්දර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් වන අතර ඔහුගේ අනු දැනුමකින් තොරව ස්කීපර්වරයා ඇතුලු එහි සිටින ධිවරයින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව මේවන විට සැකකරුවන් 14දෙනෙක් සමගින් ධිවර යාත්‍රාවක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

Share