‘ඒහිපස්සිකෝ’ සාම පාද චාරිකාව වෙනුවෙන් මෙරටට පැමිණි වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහස්සේ අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
දින හතක පාද චාරිකාව ඊයේ නිමා වුණේ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයෙන්.
වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේ සහ “අලෝකා” සුනඛයා ශ්‍රී ලංකාවට පැමිණියේ අප්‍රේල් 21 වැනිදායි.
WALK FOR PEACE පාද චාරිකාවේ ශ්‍රී ලංකා අදියර ඒහිපස්සිකෝ නමින් පසුගිය 22 වැනිදා අලුයම රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වුණා.
ආලෝකා නැමති සුනඛයා ද ඊට එක්ව සිටියා.
පාදචාරිකාව මාතලේ, මහනුවර, බෙලිගම්මන, තෝලංගමුව, යක්කල හරහා ඊයේ කැලණිය දක්වා දින හයක් පුරා ක්‍රියාත්මක වුණේ දහස් සංඛ්‍යාත පිරිසකගේ නමස්කාරය මධ්‍යයේයි.
පාද චාරිකාවේ සමාප්ති උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා
ඇමරිකාවේ ටෙක්සාස්හි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රෝපණය කිරීම සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ සර්වඥ ධාතූන් වහන්සේ සමාප්ති උත්සවයේ දී ජනාධිපතිවරයා අතින් පඤ්ඤාකර හිමියන් වෙත පූජා කරනු ලැබුවා.
නිදහස් චතුරස්රයේ පැවැති රාජ්‍ය උත්සවයෙන් පසුව භික්ෂූන් වහන්සේ පා ගමනේ අවසන් ගමනාන්තය වූ හුණුපිටිය ගංගාරමය විහාරස්ථානය දක්වා වැඩම කළා.
වියට්නාමයේ පඤ්ඤාකර භික්ෂූන් වහන්සේ ප්රමුඛ පිරිස ආලෝකා සුනඛයා ද සමග කටුනායක ගුවන්තොටුපොලෙන් අද උදෑසන යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියා.





