මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මහත් උනන්දුවෙන් සහභාගි වන්නේ එය තම අනාගතයට වැදගත් වන සුවිශේෂි විභාගයක් හේතුවෙන්.
වයස අවුරුදු 16 හැවිරිදි වියේ පසුවන පාසල් දරුවන් සාමාන්‍ය පෙළ කඩයිමේ ගණිත විෂයට මුහුණදීමට විභාග මධ්‍යස්ථානය වෙත පියවර මනිද්දී ඔවුන් සමග එක් වූ 81 හැවිරිදි පුද්ගලයෙක් පිළිබඳවයි මේ කතාව.
මේ නිමල් සිල්වා.
පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි නිමල්ගේ වයස අවුුරුදු 81ක්.
මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට පිය නගන 16 හැවිරිදි දරුවන් අතරට අද දිනයේ 81 වැනි වියෙහි පසුවන නිමල් ද එක්වුණා.
ඒ ගණිත විෂයට පෙනී සිටීම සඳහායි. අද පෙරවරුවේ පානදුර වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානයේ දී නිමල් විභාගයට පෙනී සිටියේ ඒ කඩඉම ඉහළින්ම ජය ගැනීමේ තිර අදිටනින්.





