සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස යුනෙස්කෝව විසින් නම් කරන ලද දිනය අදට යෙදී තිබෙනවා.
අදට යෙදුණු එම විද්‍යා දිනය සමරමින්, “විශ්වාසය ගොඩ නංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” යන්න තේමා කරගනිමින් ශ්‍රි ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජාතික විද්‍යා සතිය අද ආරම්භ කරනු ලැබුවා.
නොවැම්බර් මස 10 වැසිදා ලෝක විද්‍යා දිනය ලෙස සැමරීමට 2001 වසරේ නොවැම්බර් 10 වැනිදා රැස්වූ යුනොස්කෝ සංවිධානයේ විධායක සබාව තීරණය කළේ, සාමය හා සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ අභිලාෂයෙන්.
ඒ් අනුව 2002 වසරේ සිට සෑම නොවැම්බර් මස 10 වැනිදා දිනයක්ම විද්‍යා දිනය ලෙස සැමරීම යුනෙස්කෝවත් ඒ් සම්බන්ධව සිටින ලෝකයේ බොහෝ රටවල් විසිනුත් සිදුකරනවා.
ඊට සමාන්තරව ශ්‍රී ලංකාව ද 2004 වසරේ සිට ජාතික විද්‍යා දිනය සැමරීම ආරම්භ කරනු ලැබූ අතර 2017 වර්ෂයේ දී ගත් විශේෂ කැබිනට් තීරණයක් අනුව ජාතික විද්‍යා දිනය දා සිට ඊට සමගාමීව ජාතික විද්‍යා සතියක් සැමරීම ද ආරම්භ කරනු ලැබුවා.
ඒ් අනුව මෙවර ද ජාතික විද්‍යා සතියේ සමාරම්භය සමරමින් බත්තරමුල්ල වොටර්ස් ඒ්ජ්හිදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා.
විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශයට අයත් ආයතන මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවද්‍යාල නියෝජනය කරමින් විශවවිද්‍යාල ආචාර්යවරුන් රැසක් ද විද්‍ය සතියේ සමාරම්භයට එක්ව සිටියා.
විද්‍යත්මක සාක්ෂි මත ප්‍රතිපත්ති සම්පාදනය සහ එම සම්පාදිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් බලගන්වන්නේ කෙසේද යන්න අද පැවති විද්‍ය සතියේ සමාරම්භක දින සැසියේදී සාකච්ඡාවට ගැනුණා.





