සාගරිකා පීලි පනී

අද උදෑසන බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය උතුරු කළුතර හා වාද්දූව දුම්රිය ස්ථාන අතරදී පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට පානදුර දක්වා පමනක් ධාවනය වන අතර බෙලිඅත්ත, මාතර සහ ගාල්ල සිට පැමිණෙන දුම්රිය දකුණු කළුතර දක්වා සීමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම අනතුරේන් දුම්රිය මාර්ගයට බරපතළ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අද අළුයම බෙලිඅත්ත දුම්‍රිය ස්ථානයේ සිට කොළඹ මරදාන බලා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය, උතුරු කළුතර හා වාද්දූව දුම්රිය ස්ථාන අතරදී අද උදෑසන 7ට පමණ පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මංතීරු දෙකේම ධාවන කටයුතු අද පෙරවරුවේ අවහිර වී තිබුණා
මේ සමගම මුහුදුබඩ මාර්ගයේ, කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කළ දුම්රිය පානදුර දක්වා පමනක් ධාවනය වන අතර, බෙලිඅත්ත, මාතර සහ ගාල්ල සිට පැමිණෙන දුම්රිය දකුණු කළුතර දක්වා සීමා කර තිබෙනවා.
එසේම අනතුරට ලක් වූ සාගරිකා දුම්රියේ ගමන් කළ මගීන් වෙනත් දුම්රියක් වෙත යොමුකර කොටුව දුම්රිය ස්ථානය වෙත යොමුකෙරෙන බවයි ටීවී සුප්‍රීම් නිව්ස් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල හානියක් සිදුව ඇති අතර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම පීලිපැනීම හේතුවෙන් දුම්රියේ ගමන්ගත් එක් පුද්ගලයෙකුට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කෙසේ වෙතත් දුම්රිය පීලිපැනීමට ලක්වන අවස්ථාවේදී එහි සිටි මගීන් ටීවී සුප්‍රීම් නිව්ස් වෙත මෙලෙස අදහස් පළ කළා.

Share