ඉන්දියාවේ සිට වැඩම කරවීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
රාජ්‍ය අනුග්‍රය සහිතව සංවිධාන කෙරෙන මෙම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයට අදාළ මූලික කරුණු සොයා බැලීමට කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.





