සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන තනතුරු අද වන විට මාලිමාකරණයට ලක්ව ඇතැයි උදය ගමන්පිල මහතා චෝදනා කරයි

සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන තනතුරු අද වන විට මාලිමාකරණයට ලක්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගමන්පිල මහතා චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් කිහිපදෙනෙකු විපක්ෂ නායකවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
එහිදී උදය ගමන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රතිපත්තිමය වශයෙන් කෙතරම් වෙනස්කම් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට සියලු බලවේග එක් විය යුතු බවයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවධානමට ලක්කරන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් කිහිපදෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද හමුවුණා.‍
හමුව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීයී.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකිනෙකා හමු වී තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ පුත්‍රයාගේ විවාහ උත්සවයේ දී.
එම අවස්ථාවට තවත් දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

Share