වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රීපාද අඩවියට මුදාහැරි ප්ලාස්ටික් සහ පොලිතින් හේතුවෙන් මෙම අධි සංවේදී පරිසර කලාපය දැඩි අවදානමකට ලක්ව ඇති බව සමනල සිරි හරිත වන්දනා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද අනාවරණ කෙරුණා.
ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් වූ පරිදි පසුගියදා සමනල අඩවියේ ඇති වූ නායයාමට ප්‍රධාන හේතුව ද එයයි.





