සමගි ජන බලවේගය මගින් කොලොන්න මූලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ

බරපතල ලෙස අසභ්‍යකරණයට ලක් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට හතලිස් එක් ලක්ෂයක් දදරුවන්ගේ මනස විකෘති කිරීමේ තත්ත්වය් නිර්මාණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ,අග්‍රාමාත්‍යවරියගේ හෝ කිසිදු පුද්ගලයෙකුගේ පෞද්ගලික රුචි අරුචි කම් විවේචනය කිරීම කිසිසේත් නොකළ යුතු බවයි.

එසේ කිරීමෙන් සිදුවන්නේ සැබෑ ප්‍රශ්නය යටපත්වීමක් බවද ඔහු අවධාරණය කරනවා.

සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක කරනු ලබන හුස්ම වැඩසටහන යටතේ කොලොන්න මූලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණේ, විපකක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනත්වයෙන්.
එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පල කළා.

Share