කළුතර මහ නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් කළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබෙනවා.
නාගොඩ මංසන්දිය අසල හෝටලයක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීමේ උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන්.
නාගොඩ මංසන්දිය අසල හෝටලයක් ඉදිරිපිට දී ඊයේ රාත්‍රීයේ 7ට පමණ නානඳුනන පුද්ගලයකු විසින් කළුතර මහ නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයකු වන බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.
මෙම හෝටලයද බන්දුල ප්‍රසන්න මහතා විසින් පවත්වගෙන යන අතර වෙඩික්කරුවන් එහි පැමිණ ඇත්තේ ඔහුගේ ආක්ෂාවට පොලිස් මුරපොලක්ද මෙම ස්ථානයේ ස්ථාපිත කර තිබිය දී වීම විශේෂත්වයක්.
පොලිසිය පැවසුවේ හෝටලය පිටුපසින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීමට උත්සාහ කළ ද ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි.
එම ස්ථානයේ කළ පරීක්ෂා කිරීම්වලදී පිස්තෝලවලට යොදන ජීව උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් හමු වූ බව ද පොලිසිය පැවසුවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා කළුතර කොට්ඨාශ අපරාධය එකකය සහ කළුතර දකුණ පොලිසිය මගින් පරීක්ෂණ සිදු කරනු ලබනවා.
මේ අතර බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් මීට මාස 9කට පමණ පෙර ද යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් කළුතර නාගොඩ ගම් සභා පාරේ නිවස ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළා.
එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඔහු දිවි බේරා ගත්තා.
මේ අතර විවිධ ප්‍රදේශවලින් සොරාගන්නා යතුරුපැදි ඇතුලු භාණ්ඩ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කණඩායම් වෙත අලෙවි කිරිමේ ජාවාරමක් හෙලිකර ගැනිමට බස්නාහිර පලාත දකුණ අපරාධ කොට්ඨාසය සමත් වී තිබෙනවා.
මේ පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනුණේ ඊයේ දෙහිවල කළ මෙහෙයුමක දී විවිධ ප්‍රදේශවලින් පැහැරගත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරු මතයි.
අත් අඩංගුවට ගත් සැකකරු මහරගම , මිරිහාන , හොරණ , කළුතර , මාලඹේ , පානදුර , කොස්ගම සහ කොට්ටාව පානදුර වැලිකඩ බණ්ඩාරගම පිළියන්දල හා බම්බලපිටිය යන පොලිස් වසම්වලින් මෙම භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
සැකකරු පවසා ඇත්තේ මෙලෙස සොරාගන්නා භාණ්ඩ බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයකු වන දෙහිවල සැන්ඩ්‍රෝ නැමැත්තාට අලෙවිකරන බවයි.





