සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල අත්අඩංගුවට

රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළවයි.

Share