පැවති ආපදා තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් සතිඅන්තයේ නොදන්නා ප්‍රදේශවලට ගමන් කරන ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේ සතිඅන්ත නිවාඩු ගත කිරීමට දුර බැහැර ප්‍රදේශවලට යන රියදුරන් ආපදා තත්ත්වයෙන් හානි වූ මාර්ග පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.
දෙසැම්බර් සතිඅන්තයේ බොහෝ දෙනෙකු විනෝද ගමන්වල නිරත වනවා
යන එන මාර්ග ගැන මෙන්ම එහි යන අය ගැනත් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි
රිය අනතුරු ඉහළ යන සමයක්
රිය අනතුරුවලට හේතු වන කරුණු
ඉක්මණින් ගමන් කරන්නැයි රියදුරුට බලපෑම් නොකළ යුතුයි
මාර්ග නීතිවලට අනුකූලව කටයුතු කිරීමට හැම විටම ක්‍රියා කළ යුතුයි
නිදි මතක් ඇත්නම් ඉක්මනින්ම විවේක ගන්න
ආපදා තත්ත්වයත් සමඟ මාර්ග පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි
කාලගුණය ගැන ලබාදෙන පණිවුඩ ගැන විමසිලිමත් වන්න
ජලමුලාශ්‍ර වෙනස් වී ඇති බැවින් නොදන්නා තැන්වලින් ස්නානය කිරීමෙන් වළකින්න
යමෙකු දියේ ගිලෙන්නේ නම් බේරා ගැනීමට පුහුණුවක් ඇති අයෙකු පමණක් ඉදිරිපත් වන්න





