සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් කළුබෝවිල දී අත්අඩංගුවට

කළුබෝවිල විමලසාර මාවතේ නිවසක් වටලා කළ සෝදිසියක දී ගිනි අවියක් සහ බෝර 12 ජිව උණ්ඩයක් සමඟ සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන බඩෝවිට අසංක සහ සැන්ඩෝ යන අයවලුන් සමඟ සබඳතා පැවැත් වූ අයෙක් බව අනාවරණ වී තිබෙනවා.

Share