අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී සමාජයේ අදහස්වලට සවන් දී නම්‍යශිලීව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ දෙහිවල පින්වත්ත පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.
කෙසේ වෙතත් මෙම උත්සවයේ දී මහා සංඝරත්නය ඉල්ලා සිටියේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසා සංශෝධනය කළ හැකි වන පරිදි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේ දී ක්‍රියාත්මක නොකර කල් දමන ලෙසයි.
දෙහිවල පින්වත්ත පුරාණ විහාරාධිපති පූජ්‍ය වල්හපුතැන්නේ නන්ද සුමන ස්වාමීන් වහන්සේට කෝටේටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සල්පිටි කෝරලයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමුණු ලැබුවේ පසුගිය සෙනසුරාදායි.
අභිනව තනතුරු ලැබූ උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.





