මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බංගලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට ඩකා හි ස්ථාපිත ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව මඟින් ඊයේ මරණ දඬුවම නියම කිරීමෙන් පසු අගනුවර ඇතුලු ප්‍රදේශ රැසක නොසන්සුන්තා ඇතිව තිබෙනවා.
හසීනාගේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ඓතිහාසික නිවස කඩා ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ ප්‍රචණ්ඩකාරී ගැටුමක් ඇති වුණා.
නිවස කඩා දැමීමට බුල්ඩෝසර් දෙකක් රැගෙන පැමිණි ඩකා විශ්ව විද්‍යාලයේ සිසුන් වැළැක්වීමට පොලිසිය උත්සාහ කිරීමත් සමග නොසන්සුන්තාව ඇතිව තිබෙනවා.
මරණ දඬුවම ලබා දීමේ තීරණයට එරෙහිව තවත් ප්‍රදේශ රැසක ද ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.





