“ශිෂ්ඨ සම්පන්න වගකීමක් සහිත පුරවැසියෙක් නිර්මාණය කිරිම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අභිලාෂයයි”

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ, සාමාන්‍ය පෙළ විභාග ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක අතර එහි වෙනස් වන්නේ ස්වරූපය පමණක් බැවින්, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම අහෝසි වීම පිළිබඳ විවේචනය පදනම් විරහිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශිෂ්ඨ සම්පන්න වගකීමක් සහිත පුරවැසියෙක් නිර්මාණය කිරිම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අභිලාෂය බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් යාපනයේ YMCA ශාලාවේදී ඊයේ පැවැත්වුණා.

Share